Back to Top

CALL  +94779028920

Siriwansa.Win

ප්‍රාතමික මිනිස් සත්වයා..

ප්‍රාතමික මිනිස් සත්වයාගේ හැගීම් පද්ධතිය මත ඉදිවූ සුවිසල් අවකාශය සංස්කෘතිය වන විට ඒ මත ඉදිවූ එහි තාර්කික සංස්කරනය විද්‍යාත්මක දේශපාලනය වේ. අප ක්‍රමයෙන් පිවිසෙමින් සිටින්නේ මෙහි තාක්ෂණික සංස්කරනය නොහොත් යාන්ත්‍රික අවකාශය වෙතටය. ‘Tharu Minisa” – Pubudu Siriwansa

Algorithms

ඔබගේ අවශ්‍යතාවයන් ඇල්ගෝරිතමයන් ඔස්සේ තාර්කික කොටස් වලට කඩා දමනතාක් එය ඔබට යටත්ය. ඔබේ අවශ්‍යතාවයන් නිර්මානය වන ආකාරය අල්ගෝරිතමයක ඔස්සේ තාර්කික කොටස් වලට සාර්ථකව කඩා බිඳ දමන දිනයේ සිට ඔබේ ස්වාමීත්වය ඔබට අහිමි වනු ඇත. – Pubudu Siriwansa

Tharu Minisa

“තරු මිනිසා” සමග කථාකරන්නට අවශ්‍ය වුනු එක් සංකල්පයක් තමයි අනාගතයේ වෘතිකයාට තම කැමැත්ත පරිදි කෘතීම බුද්ධියත් සමග ගොඩ නගන්නට හැකිවෙන “දත්ත ප්‍රතිරූපය”. එහි හිම්කරු විශ්වයේ කොයි පෙදෙසක විසුවද ඔහුගේ මනස තුල නිර්මාණය වන නව ප්‍රවනතා සමග නිරන්තරයෙන් වර්ධනය වන මෙම අනන්‍යතාවය ඔහුගේ වටිනාකම වීම. සමහර විට බොහෝ දුර අනාගතයේදී පෘතුවිය මතින් ජීවවිද්‍යාත්මක සාධකය අවසන්ව යාන්ත්‍රික සාධකය මත ක්‍රියාත්මක වන ශිෂ්ඨාචාරයක් පිලිබඳ ආරම්භයක ඉගියක් එහි නොවෙනවාම නොවේ. – Pubudu Siriwansa

Artificial Intelligence

ජීවිතය යාන්ත්‍රික කර දැමීම ඔවුන්ගේ ලාභයයි. ජීවිතයේ භාවමය වටිනාකම් රැක ගැනීම ඔබගේ ආත්මයයි. “THARU MINISA” – Pubudu Siriwansa

එලබෙන දිනයකදී…

එලබෙන දිනයකදී ඔබගේ හොඳම මිතුරා ඔබගේ භාවමය තේරීමක් නොවන්නට කටයුතු සිදුවෙන් ඇත. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ වටා ඉදිවෙමින් ඇති “කෘතීම බුද්ධි” අවකාශය එය ඉටුකරනු ඇත.
මේ ගැන ඔබට විස්සෝප වන්නට ඔබට අවස්ථාවක් නොලැබෙන්නේ එම තේරීම වඩාත් සාර්ථක එකක් වීමට වඩාත් ඉඩ අති නිසාය.
-Pubudu Siriwansa

“වර්චුවල් රියැලිටි’

“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ විෂයන් තුල එය අපමන දිගුවක් ලෙසට ජීවිත වෙතට සේවය කරන ලදී. කෙසේ මුත් අවසාන යුගය හදුන්වා දෙන ලද නාමයම ඔබට එයි කාර්යභාර්ය පැහැදිලි කර දෙනු ඇත. එනම් අවසාන යුගයේ ඒ ශක්‍යතාවයට පට බැදුනු නාමය වූවේ ” මිනිස් වර්ගයාගේ “සිහින අවසන් කරන්නා ” ලෙසටය.

” Tharu Minisa”
– Pubudu Siriwansa

siriwansa.win

ගෙවීයන සියවසේ …

ගෙවීයන සියවසේ මිනිස් වර්ගයා වඩාත් අමානන්දයට පත්කල විෂය තොරතුරු තාක්ෂණය විය යුතුය. මිහිතලය මත මිනිස් කථන්නදරයේ ආධිපත්‍ය සටහනෙහි රහස වූ මතක තබා ගැනීමේ හැකියාව, ඒවා නැවත නැවත සකසමින් වඩාත් සාර්ථක මතකයන් නිර්මාණය කර ගැනීම මෙන්ම එකි නෙකා අතර කාර්යක්ශමව සංනිවේදනය කර ගැනීමේ හැකියාව තාක්ෂණික ගත කර ගැනීම විෂයක් ලෙසට පමනක් නොව භාවිතාවක් ලෙසට මිනිස් සීමා අනන්තය දක්වාම පුළුල් කර දමා ඇත. ඔවුන් අතර වූ භෞතික පමනක් නොව ආර්ථික, දේශපාලණික, සංස්කෘතික සීමා බිඳ දමමින් එකිනෙකාව ශ්‍රව්‍ය දෘශ්‍ය ව ස්පර්ශීය සීමාවට ගෙන දමා ඇත. ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව ඇරඹී ඇත. Virtual reality වල දිගුවන් අපේ දෘශ්‍ය හැකියාව අනන්තය තරම් දුරට ‍රැගෙන යමින් ඇත. Artificial intelligence වල දිගුවන් මිනිස් සිතීමේ හැකීයාවේ ආරම්භයේ සිට අදක්වා වූ පැමිනි දුර “තප්පර කිහිපයක් පමනකි ” තරමට කෙටි කර දමා ඇත. මිනිස් සීමාවන් වලින් ඔබ්බෙන් වනවා යැයි සිතූ දෑ හැඳින්වූ “සිහින” නම් යෙදුමට නව අර්ථදැක්වීම සොයා යන්නට සිදුව ඇත. 

“Tharu Minisa”

Pubudu Siriwansa